Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙක් බව හෙලිවේ.

ඩයනා ගමගේ නීති විරෝධීව මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් : CIDය හෙලිකරයි; මන්ත්‍රීකමත් අනතුරේ

ඩයනා ගමගේ නීති විරෝධීව මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් : CIDය හෙලිකරයි; මන්ත්‍රීකමත් අනතුරේ

සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකු බව අනාවරණය වී තිබේ. 2015 වසරේ සම්මත වූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි අතර එවක ද්විත්ව පුරවැසියකු වූ ගීතා කුමාරසිංහට සිය අසුන ද අහිමි විය.

කෙසේ වුවද සමගි බලවේග ජාතික ලැයිස්තුව යටතේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීනියක ලෙස දිවුරනු ලැබුවේ ද 19 වන සංශෝධනය බලාත්මක වන පසුබිමක ය. ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය මේ වනවිට අභියෝගයට ලක්වී තිබේ.

ඩයනා ගමගේ අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක් ලියාපදිංචි කිරීමේ දී තමා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් කර තිබේ.

කෙසේ වුව ද 20 වන සංශෝධනය සමග එම නීතිය අහෝසි වී ඇති අතර ඩයනා ගමගේ සිය පක්ෂ තීන්දුවට එරෙහිව යමින් 20 වෙනි සංශෝධනයට මෙන් ම ද්විත්ව පුරවැසි නීතිය අහෝසි කිරීමට ද පක්ෂව ඡන්දය භාවිත කළා ය.

ඩයනා ගමගේ සමගි ජන බලවේග මතයට එරෙහි විසි වන සංශෝධනයට පක්ෂ වීමත් සමග එම පාර්ශ්වය විසින් ඈ ද්විත්ව පුරවැසියකු බවට වන ලිපි ලේඛන සමාජමාධ්‍ය වෙත මුදා හැර තිබේ.

 

Exit mobile version