Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත තුනෙන් දෙකකින් සම්මත වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම ඊයේ (22) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65 කි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (21) සහ (22) පැවැති අතර විවාදය පැවැත්වෙන අතර තුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ය.

මෙහිදී සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ මහත්මිය කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටියේ නැත.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව රිෂාඩ් බදියුදීන් ඡන්දය භාවිත කළ ද, ඔහු නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් දෙවන වර කියවීමේ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව, රවුෆ් හකීම් විපක්ෂව ඡන්දය භාවිත කළ ද ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සෙසු මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිත කළහ.

Exit mobile version