Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රිෂාඩ් යන නම නොකිය රාජ්‍ය යාන්ත්‍රණය ගෙන යන්න බැරි තත්වයක්” – මුෂාරෆ්

PCR පරීක්ෂණය හේතුවක් ලෙස පෙන්වා රිෂාඩ් බදියුදීන් හට පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය පවා ප්‍රතික්ෂේප කර ඇති බවත්,රිෂාඩ් යන නම නොකිය රාජ්‍ය යාන්ත්‍රණය ගෙන යෑමට බැරි තත්වයක සිටින බවත්, විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් මහතා චෝදනා කළේය.

පාර්ලිමෙන්තුවේදී පැවති අපනයන සංවර්ධන පනත යටතේ විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ‍ය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“අපේ පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීම හරියට ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගත්තාක් ලෙස පෙන්නුම් කරති. රිෂාඩ් යන නම නොකිය රාජ්‍ය යාන්ත්‍රණය ගෙන යන්න බැරි තත්වයක පවතී. පාර්ලිමේන්තුවත් රජයත් රිෂාඩ් යන නම වටා ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය නායකයාගේ නම කියනවට වඩා වැඩියෙන් කියවන නම රිෂාඩ් බදියුදීන් කියන නමයි.

ඔහු අත් අඩංගුවට ගනු ලැබුවද ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අයිතියක් තියෙනවා. ඒ සඳහා ඔහු ඉල්ලුම් කරලත් තිබුණා. ඒ සඳහා කථානායකවරයා ලබා දුන් අවසරය නොතකා, PCR පරීක්ෂණයට යොමු කිරීම මත පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතිය අහිමි වුනා. ශ්‍රී ලංකාවේ පවත්වන PCR පරීක්ෂණ වලදී වැරදි ප්‍රතිඵලද ලැබෙන බව මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.” ඔහු අදහස් දැක්විය.

– වීරකේසරි

Exit mobile version