Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය පිළිබඳ තැතිගන්නා සුළු තවත් තොරතුරු හෙළිවෙයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය පිළිබඳව 15000 කට අධික පිරිසක් දැන සිටි බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේදී හෙළි කර සිටියේය.

ප්‍රහාරයට පෙර විදේශ බුද්ධි අංශය විසින් පහරදීම පිළිබඳව තමාට දන්වා ඇති බව ඔහු තවදුරටත් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේය.

පාස්කු ප්‍රහාරය සිදුවීමට කලින් සිදුවූ වවුනතීවු ඝාතනය, මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවට හානි සිදුකිරීම, වනාතවිල්ලු පුපුරණ ද්‍රව්‍ය සිදුවීම, තස්ලිම් නැමැත්තා හට සිදුකළ වෙඩි තැබීම් සිද්ධිය යනාදියට සහ්රාන් සම්බන්ධ බව රජයේ බුද්ධි අංශ මගින් ජාතික ආරක්ෂක කවුන්සිලයට දැනුවත් කර සිටියේදැයි ජනාධිපති නීතිඥ විමසූ විට,

එයට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන :-
වවුනතීවු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, තස්ලිම් නැමැත්තා හට සිදුකළ වෙඩි තැබීම් යන සිද්ධි දෙකට සහ්රාන් සම්බන්ධ බව රජයේ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී නොතිබුණු බවත් එබැවින් ජාතික ආරක්ෂක කවුන්සිලය ඒ බව දැනුවත් කළේ නොමැති බවත් පවසා සිටියේය.

නමුත් මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවට හානි සිදුකිරීම සහ ඒ හා සම්බන්ධ සැකකරුවන් සහ්රාන් සමග සබඳතා පැවැත්වූ බවත්, සිද්ධියට කලින් සහ්රාන් මාවනැල්ල ප්‍රදේශයේ සැගව සිටි බව රජයේ බුද්ධි අංශය සැක කරන බවත්, 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලු පුපුරණ ද්‍රව්‍ය සිදුවීම හා සහ්රාන්ට සබඳකම් ඇති බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයට ඒ බව දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන පවසා සිටියේය.

කාදිනල් හිමිපාණන් පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ , “සහ්රාන් ත්‍රස්තවාදියෙක් බව ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට දැනුවත් කර සිටියේ නැති බව යමෙක් මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දී තිබුණේ නම් ඔබ එයට එකඟ වනවාද? යැයි විමසූ විට,

එයට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන :-
සහ්රාන් ත්‍රස්තවාදියෙක් ලෙස ප්‍රකාශ නොකළ බවත්, ඔහු ISIS මත දරන්නෙක් බවත්, තම සිසුන්ට එය උගන්වන බවත්, මා ජාතික ආරක්ෂක කවුන්සිලයට පවසා තිබුණු බවත්, ත්‍රස්තවාදී සංගමයක් තහනම් කළ යුතු බව තමා නොකී බවත් ප්‍රකාශ කිරීමට එකඟ වන්නෙමි යැයි පවසා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සිදු වීමට පෙර ජනවරි මාසයේ රැස්වූ ආරක්ෂක කවුන්සිලයේ සහ්රාන්ව අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණදැයි ප්‍රශ්නය නැගූ විට,

එයට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන :-
තමාට නියෝග කළේ නොමැති බවත්, සහ්රාන් පිළිබඳව පැවසූ විට “ඇයි ඒ මනුස්සයාව තවමත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ?” ලෙස විමසූ බව පවසා සිටියේය. නමුත් පූජිත ජයසුන්දර එම අවස්ථාවේ ආරක්ෂක කවුන්සිලයේ නොසිටි බවත්, හේමසිරි ප්‍රනාන්දු සහ රවි සෙනවිරත්න එම අවස්ථාවේ සිටි බවත් පවසා සිටියේය.

-IBCතමිළ්

Exit mobile version