Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් අපහසුවට පත්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ කාන්තාව අත්අඩංගුවට

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ හිමිපානන් අපහසුවට පත්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බව කියමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා,

“මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයින් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇති වෙන ආකාර ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ඡාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් 43 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.“ යනුවෙන් ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ, මෙලෙස මුදාහැර ඇති වීඩියෝව මඟින් යම් ආකාරයකට බෞද්ධ භක්තිකයින් ඒවගේම කිතුණු භක්තියකින් අතර යම් ආගමික වෛරයක් ඇති කිරීමට උත්සහ දරා ඇති බවට පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version