Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටියා – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

සහරාන් හෂීම් බෝම්බ ප්‍රහාරයන් සැලසුම් කර තිබූ බවට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත් වී සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දිනයේ (19) සාක්ෂි ලබා දෙමිනි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ දිනයේ සාක්ෂි ලබා දුන්නේ 24 වෙනි දිනටයි.

ඒ අනුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ දිනයේ සිදු කළේ ය.

– News 1st

Exit mobile version