Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් A/L සිසුවියකටත් කොරෝනා… සිසුවියන් 160ක් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට…

ජනතාවගේ නොසැලකිල්ල නිසා කොරෝ්නා අධි අවදානම් කලාප 47ක්

ජනතාවගේ නොසැලකිල්ල නිසා කොරෝ්නා අධි අවදානම් කලාප 47ක්

ගම්පහ නගරයේ පාසලක උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කොවිඩ් – 19 ආසාදිත අයෙකු ලෙස හමුවීමෙන් එම විදුහලේ පන්ති කාමර 08ක විභාගයට පෙනී සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් (19) ඊයේ දින සිට විශේෂ ශාලාවක විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ.

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම ආසාදිත සිසුවියට ඇතිවූ රෝග තත්වයක් මත පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොවිඩ් – 19 ආසාදිත බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දී ඇත.

ප්‍රතිකාර සඳහා යොමු කර ඇති සිසුවියට අයි.ඩී.එච්.රෝහලේ සිට උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබේ.

එම සිසුවිය විභාගයට පෙනී සිටි පාසලෙහි විභාග ශාලාවේ කටයුතු කළ කාර්ය මණ්ඩලයද විශේෂ විභාග ශාලාවට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම සිසුවියන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා දීමටත් කලාප කාර්යාලය පියවර ගෙන ඇත.

කොවිඩ්- 19 ආසාදිත සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.

– Lanka Truth

Exit mobile version