Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිදම් world නිවේදක ප්‍රභාෂ්වර රිය අනතුරකින් ජීවිතක්ෂයට..

රිදම් world ගුවන් විදුලි නාලිකාවේ නිවේදක ප්‍රභාෂ්වර විතානගේ (16) අළුයම නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකට වේගය පාලනය කොට නොහැකිව ප්‍රභාෂ්වරව අනතුරට ලක්කොට අසල පිහිටි තාප්පයක ද ගැටී අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර දිවිගමනින් සමුගත් තම සහෘදයා වෙනුවෙන් රිදම් world කණ්ඩායම ඊයේ(17) සවස තම විකාශනය මිනිත්තු 2ක නිහඬ කොට ශෝකය ප්‍රකාශ කිරීමට කටයුතු කළා.

ප්‍රභාෂ්වර විතානගේ
සොදුරු සහෘදයාණනි,
ඔබට නිවන් සුව…!

Exit mobile version