Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය අන්තවාදීන් සතුටු කිරීමේ දේශපාලන උපායක් – ඉම්රාන් මහ්රූෆ්

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇත; මුස්ලිම් දේශපාලන පක්ෂයන්ගේ නිහැඩියාව කණගාටුවට කාරණයක් – ඉම්රාන් මහ්රූෆ්

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇත; මුස්ලිම් දේශපාලන පක්ෂයන්ගේ නිහැඩියාව කණගාටුවට කාරණයක් – ඉම්රාන් මහ්රූෆ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය රජය කෙරෙහි අතෘප්තිමත් අන්තවාදීන් සතුටු කිරීම සඳහා වූ දේශපාලන උපක්‍රමයක් බව සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේය.

රට ඒකාධිපතිත්වයට ගෙන යන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට බෞද්ධ පූජක පක්ෂය පවා විරුද්ධ වන වාතාවරණයක් ඇති වී ඇති අතර කතෝලික පූජ්‍ය මහ සභාවද සිය විරෝධය පල කර ඇත. එසේම, රියාජ් බදියුදීන් නිදහස් කිරීම ආණ්ඩුවට ගැති අන්තවාදීන් අතර රජය කෙරෙහි දැඩි සැකයන් මතු කර තිබේ.

එබැවින් රජයට විරුද්ධව පැන නැගී ඇති විරෝධයන් වෙනතකට යොමු කර අන්තවාදීන් සතුටු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන නාට්‍යයක් රඟ දැක්වීමට රජය උත්සාහ කරයි. මෙම දේශපාලන පළිගැනීම් වලින් ඔහුව ආරක්ෂා කිරීම සඳහා “සමගි ජන බලවේගය” ලෙසට අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිමු.

තවද මේ වන විට භාණ්ඩවල මිල ඉහළ යමින් පවතී. මිනිසුන් එදිනෙදා භාවිතා කරන සියලුම භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් හේතුවෙන් රජය මෙම තත්වයට මුහුණ දීමට නොහැකිව සිටි.

කොරෝනා රෝගීන් පනහක් හඳුනාගත් වහාම රට වසා දමනු ලැබුවා. නමුත් දැන් දිනපතා සිය ගණනක රෝගීන් හඳුනාගෙන තිබුණත් මේ දක්වා අන් අය ආසාදනවලින් ආරක්ෂා කිරීමට සුදුසු පියවර ගෙන නොමැත.

“අපේ රජය විසින් වැඩි කළ රුපියල් දසදහසක වැටුපෙන් තමයි රජයේ සේවකයින් මෙම ආර්ථික අර්බුදය තුළ සිය ජීවිත ගත කරන්නේ. එහෙත් එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන අයගේ තත්වය දුක්ඛිතයි. අපේ රජය පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළ නිසා තමයි ඔවුන්ට අඩුම තරමේ එක වේලක් හරි කන්න පුළුවන් වෙලා තියෙන්නේ.“ යනුවෙන් ඔහු තවදුරටත් පවසා සිටියේය.

-TAMILKURAL.NET

Exit mobile version