Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

FCID නිලධාරීන් විදේශ සංචාරවලට රුපියල් ලක්ෂ 141 මුදලක් වැය කරලා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

2015 සිට 2019 දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වූ FCID නිලධාරීන් 20 දෙනාට ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක මුදලක් වැය වෙලා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාව යටතේ  07 දින පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අගමැතිතුමා මේ බව පැවසීය.

Exit mobile version