Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුදු දහම වර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

බුදු දහම වර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

බුදු දහම වර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා වර්ධනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් පවසයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස නියෝජ්‍ය මහ කොමසාරිස් පසුගිය සිකුරාදා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන හමු වී සාකච්ඡා කරන ලදී. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ඉන්දියාව මෙවන් ප්‍රදානයක් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පවසයි. එම ප්‍රදානය බෞද්ධ ආරාම ඉදි කිරීමට හෝ වැඩිදියුණු කිරීමට, සංස්කෘතික හුවමාරු, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය, බෞද්ධ විද්වතුන් සහ සංඝයා වහන්සේ අතර සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු කාර්යන් සඳහා යොදාගන්නා අතර ඊට අමතරව මහනුවර, පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ ඉදිවන උඩරට නර්තන පාසල සහ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයට යොදා ගැනෙනු ඇත.

Exit mobile version