Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගැනීමට රජය තීරණය කරයි.

ADB ලබා දෙන ණය මුදලේ හා ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි

ADB ලබා දෙන ණය මුදලේ හා ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි

රජයේ පාසල්වල ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවන මූල්‍ය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ණයට ගැනීමට රජය තීරණය කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා මෙම ණය මගින් රජයේ පාසල්වල ද්විතීයික අධ්‍යාපනය සඳහා වූ විෂයමාලා සහ ඇගයීම් ක්‍රමය යනාදිය ප්‍රතිව්‍යුහගත කෙරේ.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සුදුසු පහසුකම් සහිත සම්පූර්ණ ද්විතීයික පාසල් ජාලයක් සංවර්ධනය කිරීමටද රජය අපේක්ෂා කරන අතර එමගින් සියලු සිසුන්ට ගුණාත්මක ද්විතීයික අධ්‍යාපනය සහතික කෙරේ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් සපයනු ලබන ණය මුදල මගින්, ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීම, අධ්‍යාපන විද්‍යා පීඨයන් උපාධි මට්ටම දක්වා ඉහළ නැංවීම, ගුරු තුලනය විධිමත්ව සිදුකිරීම සහ ගුරු හිඟය පියවා ගැනීමෙන් සිසුන්ගේ නිපුණතා මට්ටම් ඉහළ නැංවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොදා ගැනෙන බව සැලකිය යුතු කරුණකි.

-වීරකේසරි

Exit mobile version