Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සායින්දමරුදු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාරා පිළිබඳ තොරතුරු ලබාදුන් අයට තර්ජන!

සායින්දමරුදු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාරා පිළිබඳ තොරතුරු ලබාදුන් අයට තර්ජන

සායින්දමරුදු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාරා පිළිබඳ තොරතුරු ලබාදුන් අයට තර්ජන

සායින්දමරුදු මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි පවසන සාරා පුලස්තිනී රාජේන්ද්‍රන් ජීවතුන් අතර සිටින බවට තොරතුරු ලබා දුන් තැනැත්තාට තර්ජන එල්ල වන බව, කල්මුණේ මහේස්‍රාත් අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.

සායින්දමරුදු මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ 16 දෙනාගේම ශරීර කොටස් පවුලේ සාමාජිකයන්ගේ DNA පරීක්ෂණ වාර්ථා පරීක්ෂා කිරීමෙන් පසුව සාරා පුලස්තිනී රාජේන්ද්‍රන් යන අයගේ DNA පරීක්ෂණ වාර්ථාවට නොගැලපෙන බව අධිකරණයේ තහවුරු වී තිබිණි. ඒ සමගම ඇය පලා ගොස් ඇති බව සැක කරනු ලබයි.

ඒ අනුව සිදුකරනු ලැබූ විමර්ශනයන් මගින් මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වී දින කිහිපයකට පසු මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ පුලස්තිනීව දුටු බවට 43 හැවිරිදි පුද්ගලයෙකු ආරක්ෂක අංශ වෙත තොරතුරු සපයා ඇත.

මෙලෙස තොරතුරු සැපයූ එම තැනැත්තා හට දැනට නාඳුනන අයවලුන් විසින් දුරකථන මගින් තර්ජනය කිරීම් සිදුවෙන බවට, ඔහු තම නීතීඥයා මගින් මහේස්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙය සලකා බැලූ මහේස්‍රාත්වරයා වැඩිදුර කටයුතු කිරීම සඳහා ඔක්තෝබර් මස 19 වනදා දක්වා නඩුව කල්දමා ඇත.

මේ අතර සහ්රාන් හෂීම් සමග සමීප සබඳකම් පැවැත්වූ බවට චෝදනා ලැබූ සැකකරුවන් 12 දෙනා නැවත ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කල්මුණේ මහේස්‍රාත්වරයා නියෝග කර තිබීම සඳහන් කළ යුතුයි.

-තමිළ්වින්

Exit mobile version