Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ 64 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයේ

පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාර

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කාත්තාණ්කුඩි ප්‍රදේශයේ අත් අඩංගුවට ගනු ලැබූ සහ්රාන්ගේ සහෝදරිය, සියෝන් දේවස්ථානයේ ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන් ඇතුළු නඩු හතරකට සම්බන්ධ 64 දෙනෙකු දීර්ඝ කාලයකට පසු මඩකලපුව මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 19 වනදා දක්වා ඔවුන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස විනිසුරු ඒ.සී.ඒ. රිස්වාන් නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු සහ්රාන් සමග සබඳකම් පැවැත්වූ, හම්බන්තොට සහ නුවරඑළිය වැනි ප්‍රදේශයන්හි පුහුණුවීම් සඳහා ගිය බවට සැකපිට කාත්තාණ්කුඩි ප්‍රදේශයේ පදිංචි 63 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූහ. එයින් 5 දෙනෙකු ඇප මත මුදා හරිනු ලැබූ අතර 58 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ඇත.

එමෙන්ම මෙම බෝම්බ ප්‍රහාරයට අදාල නඩු 4 ක් හා සම්බන්ධ සහ්රාන් ගේ සහෝදරිය සහ ඇයගේ සැමියා, සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ ආසාද් ගේ මව, බෝම්බකරුට ගමන් කිරීම සඳහා බස්රථයේ ආසන වෙන්කිරීම් යනාදිය මත සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ 6 දෙනෙකු ඇතුළත්ව 64 දෙනාම තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබනු ලැබූහ.

පසුගිය පෙබරවාරියේ කොරෝනා හේතුවෙන් රටේ ඇති බන්ධනාගාර 4 ක රඳවා තබා අධිනරණයට ඉදිරිපත් නොකර වීඩියෝ තාක්ෂණය මගින් නඩු කටයුතු පවත්වන ලදී.

-වීරකේසරි

Exit mobile version