Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය මාස කිහිපය තුළ සමාජයේ කොවිඩ් රෝගීන් සිටියා – MRI ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට පෙර පවසයි

63000ක් ස්වයං නිරෝධායනයේ – ඔවුන්ගෙන් 30%ක් ආසාදිතයින් විය හැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

63000ක් ස්වයං නිරෝධායනයේ – ඔවුන්ගෙන් 30%ක් ආසාදිතයින් විය හැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ජනවාරි මස සිට වෛද්‍ය අංශ විසින් හඳුනාගත් කෝවිඩ් රෝගී පොකුරුවලට අමතරව තවත් රෝගීන් සමාජය තුළ සිට ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෞද්ගලික රූපවාහනි නාලිකාවක පැවති සාකච්ජාවකදී පැවසීය.

ඔහු තව දුරටත් ප්‍රකාශකර සිටියේ,
සමාජයේ රෝගීන් නොමැතිව දිවුලපිටිය ප්‍රදේශයේ රෝගියෙක් හමුවිය නොහැකි බවත්, මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවත් ඔහු පැවසීය.එමෙන්ම මහජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදිය යුතු බව ඔහු නැවතත් අවධාරණය කර සිටියේය.

මේ අතර,

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) උදෑසන සිට එම ධුරයෙන් ඉවත් කර තිබේ.

මේ බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත.

එමෙන්ම එම තනතුර සඳහා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ මහතා පත්කර ඇති බව සඳහන් වේ.
-economynext|lankatruth-

Exit mobile version