Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ මාසයකට කුලිය හාරලක්ෂය ඉක්මවයි

අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ මාසයකට කුලිය හාරලක්ෂය ඉක්මවයි

අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ මාසයකට කුලිය හාරලක්ෂය ඉක්මවයි

කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර ඇතැයි පැවැසේ.
සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ කාලය තුළ එකී වාහනය භාවිතා කිරීම වෙනුවෙන් වූ කුලී මුදල ලෙස අමාත්‍යංශය වෙත එවනු ලැබූ ඉන්වොයිසිය මේ වනවිට අමාත්‍යංශ්‍ය වෙත ලැබී ඇති අතර ඒ සඳහා ගෙවීම් මේ වනවිට සිදුකර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඇමතිවරුන්ට උපදෙස් දුන්නේ අමාත්‍යංශවලට කුලී පදනමින් වාහන ලබාගැනීම වෙනුවට රජයේ වාහන භාවිත කරන ලෙසය.

Exit mobile version