Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රවීන සිනමා රංගනවේදී ටෙනිසන් කුරේ සිනා සයුරෙන් නික්මෙයි

ටෙනිසන් කුරේ

ටෙනිසන් කුරේ

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පීයෙක් වු ටෙනිසන් කුරේ මහතා අද (28) දි කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූවේය.

මිය යන විට 68 වැනි වියේ පසු වු ඒ මහතා,1986 දි “පෙරළිකාරයෝ” චිත්‍රපටයෙන් තම රංගන දිවිය ආරම්භ කළේය. 1984 වසරේ දී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වෙමින් ඔහුගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත්විය.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් වැනි ප්‍රහසන චිත්‍රපට ඇතුළු තවත් චිත්‍රපට රැසකට රංගනයෙන් එක් විය.
රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකටම අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය දක්වා තිබේ.ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙකි.

Exit mobile version