Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටියෙකු ඝාතනයකර උගේ මස් සහ ශරීර කොටස් අළෙවි කළ යුවළක්

කොටියෙකු ඝාතනයකර උගේ මස් සහ ශරීර කොටස් අළෙවි කළ යුවළක්

කොටියෙකු ඝාතනයකර උගේ මස් සහ ශරීර කොටස් අළෙවි කළ යුවළක්

මන්දක් ගසා අල්ලා ගන්නා ලද කොටියෙකු ඝාතනයකර උගේ මස් සහ ශරීර කොටස් අළෙවි කළ බව කියන අඹුසැමි යුවළක් සහ තවත් අයෙකු උඩුදුම්බර පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් කොටියාගේ හිස සමඟ සෙසු ශරීර කොටස් රැගෙන යමින් සිටියදී උඩුදුම්බර කලල්ගමුව ගොඩකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
හුන්නස්ගිරිය හා ඒ අවට ලඳු කැලෑවල ජීවත්වන සතුන් මුදු අටවා ඝාතනයකර මස් පිණිස අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් එසේ අටවන ලද මන්දකට මෙම කොටියා අසුවී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
කොටියාගේ මස් වලින් කොටසක් අළෙවි කර තිබෙන බවත් ඉතිරිව තිබූ මස් කිලෝ 17 ක් සමඟ කොටියාගේ හිස,සම සහ තවත් ශරීර කොටස් සොයාගත් බවත් උඩුදුම්බර පොලීසිය පවසයි.

Exit mobile version