පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත දැනට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව කිසිඳු හේතුවක් නිසා වැඩි නොකරන බව වාරිමාර්ග අැමැති, අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) පැවසීය.
පොලිස් නිලධාරීන් සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ බෑග් සහ පොත්පත් හෝ ෆයිල් ඔසවාගෙන යාමට නොවන බවත් එවැනි කාර්යයන් වෙනුවෙන් පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවත් ඇමතිවරයා පැවසීය. ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතුකරන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආරක්ෂාව ලබා දීමට රජය කැප වී සිටින අතර දැනට පොලිස් නිළධාරින් 38,000ක් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඇතැම් පොලිස් කොට්ඨාශ වල පොලීසියේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට හෝ පොලිස් නිලධාරින් නොමැති තත්වයක් පවතින අතර පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩිපුර ඉල්ලා සිටින්නේ තමන්ට මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
“කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ පිළිබඳව මම පොලිස්පතිවරයා සමඟ කතාකරන්නම්. මරික්කාර් මන්ත්‍රිවරයාත් මේ ගැන මා සමඟ කතාකළා.”