Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකලපුව මංගලාරාම විහාරාධිපති සුමනරත්න හිමිට විරුද්ධව විරෝධතා

මඩකලපුව මංගලාරාම විහාරාධිපති සුමනරත්න හිමිට විරුද්ධව විරෝධතා

මඩකලපුව මංගලාරාම විහාරාධිපති සුමනරත්න හිමිට විරුද්ධව විරෝධතා

මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරත්න හිමි විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දුටු ප්‍රදේශවාසීන්, පුරාණ භූමියේ නාමයෙන් දෙමළ උරුමය ඇති ඉඩම් අත්පත් කර ගැනීම නතර කරන ලෙසද ඉල්ලමින් විරෝධතා රැළියක් පැවැත්වූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කරන ලද ඉඩම් ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වූ අතර, “ජනවාර්ගික සමගියට පටහැනිව කටයුතු කරන හිමිනමට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.” “රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය” ” පොලිසිය රාජකාරිය හරියට ඉටු කළ යුතුය” යනාදී දැන්වීම් පුවරු සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති ඉඩම ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්විණි.

ඥානමුත්තු අන්නපූරනම් යන පුද්ගලයෙකුට අයත් ඉඩම් අක්කර නවයක් 1964 දී ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට පරිත්‍යාග කරන ලද අතර එතැන් සිට ඔවුන් එහි වගා කටයුතු සිදු කර ඇත. පුරාණ බෞද්ධ සංකේත සහ බෞද්ධ ආරාම පවතින බව පවසමින් පසුගිය වසර දෙක තුළ මඩකලපුව මංගලාරාම විහාරධිපති අම්පිටිය සුමනරත්න හිමි විසින් ප්‍රදේශයේ අසාමාන්‍ය වාතාවරණයක් නිර්මාණය කර තිබේ. මෙයින් පසු අධිකරණ අවසරය ලබා ගත් අතර පුරාවිද්‍යාත්මක ස්ථාන මායිම් කර සෙසු ප්‍රදේශවල පමණක් ගොවිතැන් කිරීමට අවසර දී ඇත.

මේ අතර සුමනරත්න හිමි පසු ගිය දිනක (21) එහි ගොස් ආරාමය සඳහා ඉඩම අක්කර 200 ක් පවතින බවත් අයිතිය ඉල්ලා සිටින අයත් ගොවිතැන් කරන අයත් වහාම පිටවිය යුතු බව පවසා ඇත. මේ පිළිබඳව සාකච්ඡා ගිය මඩකලපුව දිස්ත්‍රික් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුට එම හිමියන් දරුණු ලෙස පහර දී ඔවුන්ව ටකරම් මඩුවක රඳවා තබා ගෙන තිබේ. මෙයින් පසු කරදියානාරු පොලිසිය එම ස්ථානයට ගොස් සුමනරත්න හිමියන් සමඟ සාකච්ඡා කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බේරා ගෙන තිබේ.

මේ අනුව, එම හිමියන් විසින් දිනපතා කරන බාධා කිරීම් හෙළා දකිමින් සහ බලධාරීන්ට පහර දුන් අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මෙම උද්ඝෝණය සිදු කරන ලදී.
-TW-

Exit mobile version