Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ පක්ෂවල හදිසි එකමුතුකම ඉතිහාසයේ සංධිස්ථානයක් – අසාද් සාලි ආඩම්බරෙන් කියයි

අසාද් සාලි

අසාද් සාලි

ප්‍රතිපත්තිමය හා මූලධර්මය වෙනස්කම් තිබියදීත් ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය හා යුක්තිය වෙනුවෙන් එක්සත් වී ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කිරීමට තීරණය කර ඇති සියලූම දෙමළ පක්ෂවලට ජාතික එක්සත් පෙරමුණේ නායක අසාද් සාලි මහතා සිය සුභ පැතුම් එක්කළේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ,

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෙනස්කම් හා ගෞරවයන් පසෙකට දමා, පොදු චින්තනයක තුළ ඔවුන්ගේ විවිධත්වයේ එකමුතුකම දැකීම දෙමළ ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු දෙයකි. මෙම එකමුතුව අඛණ්ඩව පැවතිය යුතු අතර, අයිතිවාසිකම් පිළිබඳ ගැටලු පමණක් නොව සුළුතර ජනතාවගේ යහපත උදෙසාද තිබිය යුතුයි.

මෙය පිළිපදිමින් සමාජ ගැටලු මඟහරවා ගැනීම සඳහා මුස්ලිම් පක්ෂද එකට වැඩ කිරීම මෙම කාල අවධියේ අවශ්‍යතාවයකි. කිහිපවිටක්ම ජාතික එක්සත් පෙරමුණ සුළුජාතික පක්ෂ එක්සත් කිරීමට උත්සාහ කළද ඒවා අසාර්ථක විය. එමෙන්ම නායකයින්ගෙ කීර්ති නාමය, මමත්වය මේ සමාජයට සාපයක් වී ඇත.

විපක්ෂයේ සිට මහ මැතිවරණය ජයග්‍රහණය කළ අය දැන් කිසිදු සමාජ වගකීමක් නොමැතිව පාලක පක්ෂයට පැනීමට සූදානම් වෙයි. එබැවින් තමන්ගේ අවශ්‍යතාවලින් ඔබ්බට ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ලෙස ජාතික එක්සත් පෙරමුණ ඉල්ලා සිටින බව පවසා සිටියේය.

-තමිළ්වින්

Exit mobile version