Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල පෙර පාසල් සිසු රක්ෂාන් ජාත්‍යන්තරයට යයි

කුරුණෑගල පෙර පාසල් සිසු රක්ෂාන්

කුරුණෑගල පෙර පාසල් සිසු රක්ෂාන්

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පෙර පාසල් අංශයේ අධ්‍යාපනය ලබන රක්ෂාන් රාම්ප්‍රසාත් සිසුවා තත්පර 151( විනාඩි 2 තත්පර 31) කින් ලෝකයේ රටවල් 210 ක කොඩි හදුනා ගත් අතර එය නව ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා පාසල් පරිපාලනය විසින් මේ මස 22 වන දින නිර්දේශ කර තිබේ.

මෙම අවස්ථාවට ලයිසියම් පාසල් මෙහෙයුම් අධ්‍යක්ෂ කුෂාන් ගුණසේකර, පාසල් විදුහල්පති චන්දන බස්නායක, පාසල් ප්‍රධානී චන්දන හෙට්ටිආරච්චි,ප්‍රාථමික අංශ ප්‍රධානී හිෂානා මාර්ටිනස්, ඩිජිටල් මාධ්‍ය සැලසුම් කළමනාකරු ජනිත දිසානායක, නියෝජ්‍ය ගිණුම් කළමනාකරු තුෂාර විජේසිංහ, නියෝජ්‍ය ක්‍රීඩා සම්බන්ධීකාරක ලසිත මහේෂ් යන මහත්මීන් අධීක්ෂණයෙන් සහභාගි වූහ.

Exit mobile version