Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති සහ අගමැතිට දින 3 ක කාලයක් – දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හදිසි ලිපියක්

ජනපති සහ අගමැතිට දින 3 ක කාලයක් - දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හදිසි ලිපියක්

ජනපති සහ අගමැතිට දින 3 ක කාලයක් - දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හදිසි ලිපියක්

දිවිපිදූ දිලීපන් අනුස්මරණය පැවැත්වීමේ මූලික අයිතිය අවධාරණය කරමින් දෙමළ පක්ෂ නායකයින් අත්සන් කරන ලද ලිපියක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමු කිරීම සඳහා දෙමළ පක්ෂ නායකයින් විසින් සූදානම් කර ඇත.
ඉළංගෙයි තමිළරසු පක්ෂයේ නියෝජ්‍ය නායක සී.වී.කේ.සිවඥානම් මහතාගේ නිවසෙහි හමුවූ දෙමළ පක්ෂවල නියෝජිතයින් මෙම ලිපියට අත්සන් කර ඇත.

දිලීපන් ගේ අනුස්මරණ දිනය ආරම්භ වී ඇති හෙයින් ඒ සඳහා සංවිධානය කළ සැමරුම් උත්සව අධිකරණය විසින් තහනම් කර තිබේ. එම උසාවි නියෝගය නොතැකූ උතුරු පළාත් හිටපු සාමාජික එම්. කේ. සිවලිංගම් මහතා ද අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ආරාධනයෙන් දෙමළ ජාතික මට්ටමේ පක්ෂ සම්මේලනයක් පැවැත්විය. එහිදී වසර 30 ක අරගලයේ යෙදී මිය ගිය සටන්කරුවන් සිහිපත් කිරීම දෙමළ ජනතාවගේ යුතුකම හා අයිතිය බව අවධාරණය කෙරිණි. මෙවැනි අනුස්මරණ සිහිපත් කිරීමක් දෙමළ ජනතාවගේ අයිතියක් බවත් එයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් මෙම ලිපිය මගින් ඉල්ලුම් කර ඇත.

-තමිළ්වින්

Exit mobile version