Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 20 කට පසු ත්‍රිකුණාමලය, මොරවැව ජනතාවට ඉඩම් ඔප්පු

ත්‍රිකුණාමලය, මොරවැව

ත්‍රිකුණාමලය, මොරවැව

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රොටවැව සහ ඇතාබැඳිවැව යන ගම්වලට අවුරුදු 20 කට පසු ඉඩම් ඔප්පු ලබා දී ඇත.

මෙම වර්ෂයේ ඉඩම් කච්චේරිය මගින් රොටවැව ගමෙන් 45 දෙනෙකු සහ ඇතාබැඳිවැව ගමෙන් 49 දෙනෙකු වශයෙන් තෝරා ගත් ඉඩම් හිමියන් සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති කපිල අතුකෝරළ මහතා විසින් මෙම ඔප්පු ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවේදී තව දුරටත් අදහස් දැක්වූ කපිල අතුකෝරළ මහතා,
“මැතිවරණ කාලයේදී නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් කළද පත්ව ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මගින් සංවර්ධන කටයුතු සැමට එකලෙස සිදුකරනවා. මම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය භාරගත් පසු පළමු වතාවට මෙම මොරවැව මුස්ලිම් ගමට ඇවිත් ඉන්නවා. මම ජාති භේද බලන්නෙ නෑ. හැමෝම මව්බිමට ආදරය කරන අය විය යුතුයි” යනුවෙන් අදහස් දැක්වූවේය.

අනාගතයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉපදිලා හැදුනු වැඩුනු අය දේශපාලනයට ගෙන ආයුතු බවත් වෙනත් දිස්ත්‍රික්කවල අය තෝරා පත්කර නොකළ යුතු බවත් සඳහන් කළේය.

Exit mobile version