Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ ඩයස්පෝරාව : ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඥානසාර හිමි රජයට අනතුරු අඟවයි

ඥානසාර හිමි

ඥානසාර හිමි

එල්ටීටීඊය රට තුළ අතුගා දමා ඇතත් එහි බෙදුම්වාදී ප්‍රතිපත්තිය ලොව පුරා ව්‍යාප්ත වී ඇති බවත් ඩයස්පෝරාවේ දෙමළ සංවිධාන බෙදුම්වාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නය භාවිතා කරනු ඇති බවත් එබැවින් එම ප්‍රශ්නය රජය නැවත සලකා බැලිය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසා සිටියහ.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින්,

දෙවන ජනරජයේ ව්‍යවස්ථාව මෙතෙක් සංශෝධන 20 කට බඳුන් වී ඇත. ප්‍රධාන පක්ෂ දෙකම තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාවට වෙනස්කම් එක්කර ගනිති. එයින් රජයට වාසි අත්වී ඇති නමුත් රටට කිසිදු සංවර්ධනයක් සෙතක් වී නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයට සහාය දුන් දේශපාලනඥයින්ම 18 හා 19 වන සංශෝධනයන්ටද සහාය දුන්හ. 19 වන සංශෝධනය එකල රාජ්‍ය හා සමාජීය මට්ටමින් සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන මාතෘකාවක්ව තිබුණා. 19 වන සංශෝධනයට සහාය දුන් දේශපාලනඥයින්ම දේශපාලන හේතු මත දැන් එයට විරුද්ධ වෙනවා. දේශපාලනඥයින්ගේ අද්විතීය ස්වභාවය එයයි.

දැන් 20 වන සංශෝධනය හඳුන්වා දී තිබෙනවා. එමගින් ද්විත්ව පුරවැසියන්ට ධූරය සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබා දී ඇත. ඉදිරියේදී චීන්නුන් සහ ඉන්දියානුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වීම පුදුමයක් නොවේ. එබැවින් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නය රජය නැවත සලකා බැලිය යුතු බවත් ඥානසාර හිමි පවසා සිටියහ

-තමිළ්වින්

Exit mobile version