Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆේස් බුක් සටහනක් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ රම්සි රාසික්ට දින 161ට පසු ඇප ලැබේ

රම්සි රාසික්

රම්සි රාසික්

ෆේස් බුක් සටහනක් හේතුවෙන්, අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත් අඩංගුවට ගෙන දින 161 ක කාලයක් රදවාගෙන සිටි රම්සි රාසික් නම් සමාජ ක්‍රියාකාරිකයාට මේ මාස 17 වන දිනයේ දී ඇප ලැබී තිබේ.

රම්සි රාසික් අත් අඩංගුවට ගැනීමට හේතුව වී තිබුණේ ඔහු තබා තිබූ ෆේස් බුක් සටහනක, චින්තන ජිහාදය යන වචනය අන්තර්ගතව තිබීම යි. චින්තන ජිහාදය යන්නෙන් තමන් අදහස් කරන්නේ මතවාදී අරගලය බව තේරුම් යනු පිණිස, එම වචන දෙකද, චින්තන ජිහාදය යන්නට පසුව වරහන් තුළ ලියා තිබුණි.

රම්සි රාසික් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා වූවේ, එම් ඒ සුමන්තිරන් මහතා ය. රම්සි රාසික්, මුස්ලිම් අන්තවාදියෙකු නොවන බවත්, ඔහු මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ෂේප කරන්නෙකු බවත්, ඔහුගේ සටහන් තුළින් ඒ බව පැහැදිලිවන බවත් සුමන්තිරන් නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

Exit mobile version