Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මංතීරු දඩය සඳුදා සිට, සමාජ මාධ්‍ය විරෝධාය හමුවේ යතුරුපැදි, ත්‍රීවීලර් සඳහාත් මංතීරුවක්

මංතීරු දඩය සඳුදා සිට, සමාජ මාධ්‍ය විරෝධාය හමුවේ යතුරුපැදි, ත්‍රීවීලර් සඳහාත් මංතීරුවක්

මංතීරු දඩය සඳුදා සිට, සමාජ මාධ්‍ය විරෝධාය හමුවේ යතුරුපැදි, ත්‍රීවීලර් සඳහාත් මංතීරුවක්

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව රුපියල් 2000ක දඩයක් පැනවීම එළැඹෙන සඳුදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන බවත් හෙට සිට ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා මංතීරුවක් වෙන් කරන බවත් පොලීසිය නිවේදනය කරයි.

ඒ අනුව ඊයේ (17) සහ අද(18) දෙදිනත් මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටද නියමිත ය.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වේ.

තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14කට එරෙහිව රුපියල් 2000ක දඩයක් ලබන සඳුදා සිට පැනවෙන බවද පොලීසිය පවසයි.

එසේම බස්, ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහාම වෙනම විශේෂිත මංතීරුවක් වෙන් කරන බවත් එම මංත්‍රීරුයේහ ධාවනය කිරීමත් අත්‍යවශ්‍ය බවත් පොලිසිය පවසයි.

ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කිරීමට නියමිත බවත් සෑම සතියේ දිනකම පෙරවරු 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 04.00සිට 07.00 දක්වාත් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙයි.

Exit mobile version