Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ හෝටල්වලට පොලීසිය විසින් සිදු කර ඇති අනතුරු ඇඟවීම!

කොළඹ හෝටල්

කොළඹ හෝටල්

ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතී. මේ නිසා එම කණ්ඩායම් කොළඹ හෝටල් ආරක්ෂක නිවාස ලෙස භාවිතා කරන ලෙසට තොරතුරු ලැබී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මේ සම්බන්ධව හෝටල්වල හිමිකරුවන් සහ කළමනාකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා එවැනි අපරාධකරුවන් සඳහා හෝටල්වල කාමර ලබා නොදෙන ලෙසට වග බලා ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කළේය.

එවැනි හෝටල්වලට පැමිණෙන පුද්ගලයින්ගේ අනන්‍යතා ලබා ගැනීම සඳහා සීසීටීවී කැමරා භාවිතා කිරීම සහ කාර්යය මණ්ඩලය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා ද , තාක්ෂණික උපකරණ භාවිතා කිරීම අනිවාර්යය වේ යැයි මෙහිදී යෝජනා කර ඇත.

මෙම කල්ලිවල ක්‍රියාකාරකම් සඳහා යමෙකු සහාය වුවහොත් ඒ සියල්ලන්ගේ වත්කම් රජය සතු කරගන්නා ලෙස ද අනතුරු අඟවා තිබේ.

Exit mobile version