Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හරක් මස් කෑමට ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් – සත්ව නිෂ්පාදන ගොවි සංගමය

හරක් මස්

හරක් මස්

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කරනු ලැබුවහොත් ගැටලු රාශියක් ඇති විය හැකි බව සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

ලංකාවේ ගව පට්ටිවල වැඩියෙන් සිටින්නේ ගොනුන් නිසා උන් කෑම පිණිස ඝාතනය නොකළේ නම් උන්ට වෙනම වැඩපිළිවෙලක් තිබිය යුතුයි. එමනිසා මානුෂීය ගව ඝාතකාගාරයන් පිහිටුවිය යුතුයි. සත්ව හිංසනයෙන් තොරව හරක් ඝාතනය කල හැකි සුදුසු ක්‍රමවේදයක් ඇතිව ගව ඝාතකාගාර නිර්මාණය කළ යුතුයි.

එලෙස නොකළේ නම් කිරි නිෂ්පාදනය කරන කිරි ගොවියන්ට විශාල බලපෑම් වලට මුහුණ දීමට සිදු වේ. එමෙන්ම ගොනුන් රටට විශාල බරක් වනු ඇති බව කුලරාජ් පෙරේරා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම්, වස විසක් නැති එකම කෑම හරක් මස් බවත් එය තහනම් කළහොත් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් නැති වී යන බවත් ප්‍රකාශ කර සිටියේය. තවද හරක් මස් කෑමේ අයිතිය ජනතාවට තිබේ. එබැවින් මෙම තීරණය වහාම නතර කරනලෙස ඉල්ලා සිටින බව සඳහන් කළේය.

Exit mobile version