Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එතනෝල් තහනම් කළයි කියූ ආණ්ඩුව අන්තිම මාස අටට විතරක් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා – රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

“2020 ජනවාරි 1 වන දා සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළ බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ ද 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා වත්මන් රජය විසින් එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්වා ඇතැයි,” මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ,

“මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබ දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන් ම දිව්වේ අරක්කුවලින් කියලා?”

“2019 ජූනි සුරාබදු ආදායම රු. මිලියන 8,817 යි. 2020 ජූනි ඡන්දය නිසා ඒක රු. මිලියන 12,000 ක් වුණා.2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.රට වටේ ම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා. හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝ ම පැරදුණා. දඹුල්ලේ වෙළෙදපොළේ කහ ටිකක් ගන්න නෑ. හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා. අපේ ගෑණු ළමයින්ට, මූණේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම” යැයි ද මන්ත්‍රීවරිය පැවසුවාය.

Exit mobile version