Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා බැංකුව නිකුත් කර ඇති විශේෂ නිවේදනය!

චීන සංවර්ධන බැංකුවෙන් , ලංකා බැංකුව ප්‍රතික්ෂේප වේ. ලංකා බැංකුව කබලෙන් ලිපට

චීන සංවර්ධන බැංකුවෙන් , ලංකා බැංකුව ප්‍රතික්ෂේප වේ. ලංකා බැංකුව කබලෙන් ලිපට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයක් වන ලංකා බැංකුවට එරෙහිව සමාජ මාධ්‍යයන් හි ව්‍යාජ තොරතුරු පළ වී තිබේ.

ලංකා බැංකුවේ අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන්, බැංකු පරිපාලන සහ ව්‍යාපාර කටයුතු සඳහා බාධා පමුණුවන බව පවසමින් ලංකා බැංකුවට හා එහි පාලන අධිකාරියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයන් සිදු වන බව ලංකා බැංකුව සඳහන් කරයි.

ලංකා බැංකුව පසුගිය මාස 6 තුළ දී රුපියල් බිලියන 6.9ක ලාභ උපයමින් රාජ්‍ය බැංකුවක් වශයෙන් අධික ලාභයක් උපයා ගෙන ඇත.

රජය විසින් ක්‍රියාත්මක කරන ලද 4%ක ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 22ක් ණයට දුන් පළමු බැංකුව බවට ලංකා බැංකුව පත්ව තිබේ.

කොරෝනා වසංගතය පැතිරුණු කාලවකවානුවේ රජයේ ප්‍රතිපත්ති සහ රටේ ආර්ථිකයට ලංකා බැංකුව වැඩි ප්‍රතිශතයකින් තමන්ගේ දායකත්වය සපයා ඇති බවටත් වැඩි දුරටත් පැවසීය.

Exit mobile version