Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) අග්‍රාමාත්‍යවරයා පඹයෙකු වීමට නියමිතයි – අනුර කුමාර දිසානායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

“අග්‍රාමාත්‍යවරයා හුදු සැරසිල්ලක් මෙන්ම පඹයෙකු වීමට නියමිතයි” – අනුර කුමාර දිසානායක

යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අග්‍රාමාත්‍යවරයාට අත්වීමට නියමිත ඉරණම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත විසින් අනාවැකි පලකරන ලදී.

ඔහු ඒබව මෙලෙස පවසා සිටියේ,

“පාර්ලිමේන්තුවේ බලය හා කැබිනට් මණ්ඩලයේ බලය පමනක් නොව අගමැතිවරයාගේ බලයද ජනාධිපතිවරයා විසින් අත්පත් කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ නව තත්වය කෙසේ දරා ගනීවිදැයි, කවර තීන්දුවක් ගනීවිදැයි අපි දන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ තමන්ට ඇත්තේ පියුන් කෙනෙකුගේ බලයක් යැයි අගමැති ප්‍රේමදාස වරක් කියා තිබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ඩී.බී. විජේතුංගට, ජනාධිපති චන්ද්‍රිකා යටතේ රත්නසිරි වික්‍රමනායකට, ජනාධිපති මහින්ද යටතේ දි.මු. ජයරත්නට සිදුවූ දෙය ජනාධිපති ගෝඨාභය යටතේ මහින්ද රාජපක්ෂට අත්වීමට නියමිතයි” යනුවෙන් ය.

Exit mobile version