Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටවල් 10 ක ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් නැවත කැදවති

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

විදේශ රටවල් 10ක සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයි රජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙලෙස යළි කැඳවනු ලැබ ඇත්තේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය, කැනඩාව , ස්වීඩනය, ඊජිප්තුව , කියුබාව , නෙදර්ලන්තය යන රටවල සිටින ජ්‍යෙෂ්ඨ තාන්ත්‍රිකයන් හා තානාපති කාර්යාල ප්‍රධානීන් කිහිපදෙනෙකුය.

එම රාජ්‍යතාන්ත්‍රිකයින් රජයේ විශ්‍රාමික වයස් සීමාව වන අවුරුදු 60 ඉක්මවීම නිසා නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. ඔවුන්ට ඉදිරි මාසයක් ඇතුළත සේවය අවසන් කර මෙරටට පැමිණෙන ලෙසට රජට දැනුම් දී ඇතැයි ද පැවසේ.

මේ අතර හිටපු ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ නවදිල්ලියේ නව මහකොමසාරිස්වරයා ලෙස යෝජනා වී ඇති අතර ස්වීඩනයේ හිටපු තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇති වී.කේ. විල්සන් චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් ධුරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි පැවැසේ. මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් තනතුරු ද පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

Exit mobile version