Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Photo’s) විදෙස් රටක නොව ලංකාවේ තවත් එක් මනුෂ්‍යත්වයේ කතාවක්

ලංකාවේ තවත් එක් මනුෂ්‍යත්වයේ කතාවක්

ලංකාවේ තවත් එක් මනුෂ්‍යත්වයේ කතාවක්

මාතර හක්මන පාරේ වතුර ටැංකිය (කුලුන) මුදුනේ සරැංගල් යවන තංගුස් නුලක පැටලි පෙරේදා දින සිට ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවු පරවියෙකු බේරාගැනිමේ මෙහෙයුමක් දියත්වුනා.

පසුගිය දිනෙක මෙම පරවියා නුලේ පැටලි ඇති අතර එය දුටු අසල කෘෂිකර්ම දේපාර්තමේන්තුවේ නිලධාරියෙකු වනජීවී කාර්යාලය දැනුවත් කර ඇතිමුත් වතුර ටැංකි මුදුනට ලගාවිමේ පහසුකම් නොමැති වීම මත එම ප්‍රයත්නය නිශ්පලවී ඇත. ඉන් අධෛර්ය නොවු එම මහතා ඉන්පසුව ඊට පසු දින මාතර නගරාධිපතිවරයා වෙත මේ පිලිබඳ දැනුම් දෙන්නේ කෑම,වතුර නොමැතිව රෑයක් පහන් කල පරවියා දැක දැක මියයනු බලාසිටිය නොහැකි හෙයිනි.

නගරාධිපතිවරයා වහාම ගිණිනිවන ඒකකය අදාල ස්ථානයට යොදවන අතර ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වතුර ටැංකියට ඇතුළු වීමයි.

මේවනව්ට මෙම මෙහෙයුම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණ සහයට මධ්‍යම පරිසර අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය ,ඛනිජ තෙල් නිතිගත සංස්ථාව (පෙට්ට්‍රොලියම්-මාතර),මාතර නගර මහ නගර සභාව,ජලසම්පාදන දෙපාර්තමේන්තුව ,මාතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,මාර්ග සංවර්ධන අධිකාරිය ,මාගා ආයතනය අතුළු ආයතන රැසක නිලධාරීන් හා ස්වේච්ඡා සහන සේවකයන් රැසක් මේ කටයුත්තට එකතු වෙන අතර පසුව ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ සේවක සහය සහිතව ගිණිනිවන ඒකකයේ නිලධාරීන් ඉතා අසිරැ ,තාසජනක මෙයෙයුමකින් පසුව පරවියා මුදාගනු ලබනවා. ඒ එතැන රැස්ව සිටි හැමෝගෙම අත්පොළසන් හඩ මධ්‍යයේ.
ඒ වෙනවිටත් පරවියා ප්‍රතිකාර කිරිම සදහා භාර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලයේ නිලධාරීන් පැමින සිටි අතර පරවියා එවනවිට සුවෙන් පසුවුනා.

මේක සුළු සිදුවිමක්,එත් මේ සිද්ධිය සාමුහිකත්වයෙන් ඕනෑම දෙයක් ජයගතහැකි බවට නිදසුනක්.

Exit mobile version