Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදුල්ල දිස්ත්‍රික්කයේ ෆයිනස් – ටර්පන්ටයින් වගා තහනම් කරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ෆයිනස් - ටර්පන්ටයින් වගා තහනම් කරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ෆයිනස් - ටර්පන්ටයින් වගා තහනම් කරයි

බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස්, ටර්පන්ටයින් හෝ ජලය සිඳීයාමට මුල්වන කිසිදු වගාවක් නොකිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පෙරේදා(4) තීරණය කළේය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බදුල්ල දිසා වන නිළධාරිවරයා පැවසුවේ රටේ දැව අවශ්‍යතා සඳහා තම දෙපාර්තමේන්තුව මඟින් රාජ්‍ය දැව සංස්ථාව වෙත ෆයිනස් දැව ලබාදුන් අතර ⁣මේ වන විට ෆයිනස් වගා ඉවත් කෙරෙන බැවින් ඒ වෙනුවට එම ඉඩම්වල ටර්පන්ටයින් වගා කිරීමට තීරණය කර ඇති බවයි.
කමිටුවේ සභාපති සුදර්ශන දෙනිපිටිය මහතා එහිදී සඳහන් කළේ ෆයිනස් වගා ඉවත් කිරීමට ජනාධිපතිවරයා ද තීරණය කර ඇති අතර ෆයිනස් ඉවත් කර ටර්පන්ටයින් වගා කිරීම වඩාත් විනාශකාරී බැවින් පයිනස් ඉවත් කෙරෙන ඉඩම්වල ටර්පන්ටයින් වෙනුවට දේශීය ශාක වර්ග වගා කිරීම සුදුසු බවයි. මෙය සිය ප්‍රධාන කාර්යාලයෙන් ගත යුතු තීරණයක් බව දිසා වන නිළධාරිවරයා පෙන්වා දුන් අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පැවසුවේ ජාතික මට්ටමින් ගන්නා තීරණය කුමක් වුවද බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස් හෝ ටර්පන්ටයින් වගාව සිදු නොකිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරන බවයි.

Exit mobile version