Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගිය අවුරුද්දේ විතරක් තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 500ක පාඩුවක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක්

2019 වර්ෂයේදී මිලියන 5000 ක(කෝටි 500) පමණ අලාභයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා තැපෑලේ වගකීම පසුගියදා ජනාධිපතිතුමා විසින් තමා වෙත පැවරූ බව තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ, මඩකලපුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිරික්ෂණයකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ

“තමන් නියෝජනය කරන අධ්‍යාපන කේෂත්‍රයේ නම් ලේසියෙන්ම පිහිනා යා හැකි නමුත් තැපෑල වැනි අලුත් විෂයක් හදාරා නැති නිසා ඒ පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් පසුවන බවයි. සෑම සතියකට වරක් අප වැඩ කරන ආයතන සම්බන්ධයෙන් මා ඇතුළු සියළු අමාත්‍යවරුන් ගරු ජනාධිපතිතුමන්ට වාර්ථාවක් සැපයිය යුතුය. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 70% , 80% පමණ මුදලක් වැටුප් හා අතිකාල ගෙවීමට වැය වන බව දැනගන්නට ලැබුණා. මා විශ්වාස කරනවා තැපැල් සේවාව ඉතා විධිමත් අයුරින් ගොඩ නැගිය යුතු බව. මාගේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා පත් කර තිබේ එතුමා ඉතා කාර්යශුර ඇමතිවරයෙක් . ඒ වගේම අමාත්‍යංශයේ ලේකම් ලෙස කලක් මා සමග වැඩ කල ඒ. සේනානායක මහතා පත් කර ඇත. ඒ අය සමග මට මනා අවබෝධයකින් යුතුව සහයෝගයෙන් වැඩ කිරීමට හැකිය.

“හිටපු අමාත්‍ය, පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා පසුගියදා මා සමග දුරකථනයෙන් පැය 2 ක් පමණ කතා කලා. ඒ අතරතුර තැපැල් සේවාවට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දී සෑම අංශයක්ම දියුණු කිරීම සම්බන්ධයෙන්ද එතුමා මා සමග අදහස් බෙදා ගත්තා. තැපැල ගොඩනැගීම සඳහා 2021 සිට 2025 දක්වා පස් අවුරුදු සැලැස්මක් දැනටමත් දෙපාර්තමේන්තු මට්ටමෙන් ඉදිරිපත් කර තිබෙනවා ඒ පිලිබඳව මා අධ්‍යනය කලා ඉදිරියේදී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වෙනවා.”

“රටේ සියළු දිස්ත්‍රික්ක වලට ගොස් ඒ ඒ දිස්ත්‍රික්ක වල තැපෑල් කාර්යාල වල අඩුපාඩු මෙන්ම සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද සොයා බලා තැපෑල දියුණු කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී කිරීමට මා බලාපොරොත්තු වෙමි. සතියේ සෑම බදාදා දිනයකදීම උදෑසන 7.00 සිට අමාත්‍යංශයේ සිටින නිසා ඕනෑම කෙනෙකුට මා හමුවීමට හැකියාව තිබෙනවා”.

සතාසිවම් වියාලේන්ද්‍රන්
Exit mobile version