Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉස්ලාම් පොළපොත්වල ඇති අන්තවාදී අදහස් ගැන සොයන්න 11 දෙනකුගෙන් යුත් කමිටුවක්

ඉස්ලාම් පොළපොත්වල ඇති අන්තවාදී අදහස් ගැන සොයන්න 11 දෙනකුගෙන් යුත් කමිටුවක්

ඉස්ලාම් පොළපොත්වල ඇති අන්තවාදී අදහස් ගැන සොයන්න 11 දෙනකුගෙන් යුත් කමිටුවක්

මුස්ලිම් සිසුන්ගේ ඉස්ලාම් ධර්මය උගන්වන පොළපොත්වලට ඇතුළත් කර ඇති අන්තවාදී අදහස් සම්බන්ධයෙන් සොයා බැලීමට 11 දෙනකුගෙන් යුත් කමිටුවක් කටයුතු කරමින් සිටින බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදම් බාවා මොහොමඩ් අෂ්රෆ් මහතා පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ(3) කියා සිටියේය.

මෙම කමිටුව අනිද්දා රැස්වීමට නියමිත බව කොමිසම හමුවේ කියා සිටි ඒ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ද කියා සිටියේය.

ඉස්ලාම් ධර්මයට විරුද්ධ වන්නා අල්ලාහ්ට විරුද්ධව යන්නෙක් බවට සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ ඉස්ලාම් නායකයකු වන යුසුෆ් අල් කර්දාවී රචිත පොත් කියවීම සුදුසු බවට 13 වසර ඉස්ලාම් ධර්මය උගන්වන පෙළපොත්වල සඳහන් වී ඇති බව සහ එසේ සඳහන් වීම සුදුසු දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සිදු කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙසේ පොත්පත්වල මුද්‍රණය කිරීමට සුදුසු නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කළ නියෝජිතයන් 03ක් ඔවුන් නිර්දේශ කළ විද්වතුන්ගෙන් සමන්විත 11 දෙනකුගෙන් යුත් කමිටුවක් අනිද්දා රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එහි පළමු සාකච්ඡා වටය පවත්වා ඉන් අනතුරුව මෙම පොත් සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක අදහස් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම කාරණා අනාවරණය වී වසරක් ඉක්ම ගියද මේ වනතෙක් පියවර නොගත්තේ ඇයි දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඒ සඳහා ක්ෂණික මැදිහත් වීමට නෛතික ප්‍රතිපාදන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට බවත් තම දෙපාර්තමේන්තුවට මැදිහත් වීමට ඇති ඉඩකඩ සොයා බලමින් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
-dinamina-

Exit mobile version