Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ ආයතන සතු භාවිතයට ගතහැකි වාහන 4,116ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට පියවර

රජයේ ආයතන සතු භාවිතයට ගතහැකි වාහන 4,116ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට පියවර

රජයේ ආයතන සතු භාවිතයට ගතහැකි වාහන 4,116ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට පියවර

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතන සතුව පවතී. 2020 අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගතහැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බවද හදුනාගෙන ඇත.

ඒ අනූව අලුත්වැඩියා කර භාවිතා කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සදහා අදාළ ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවන්හිදී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ඒ සදහා වන ප්‍රතිපාදන සලසා දීමටත්,එලෙස අලුත්වැඩියා කරනු ලබන වාහන,ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත මුලද් අමාත්‍යංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබාදීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත්,මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Exit mobile version