Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ පුවත් මවන අරුණ පුවත්පත – රවුෆ් හකීම්ගෙන් චෝදනා

ව්‍යාජ පුවත් මවන අරුණ පුවත්පත - රවුෆ් හකීම්ගෙන් චෝදනා

ව්‍යාජ පුවත් මවන අරුණ පුවත්පත - රවුෆ් හකීම්ගෙන් චෝදනා

අරුණ සිංහල පුවත්පතෙහි පළ වූ පුවත ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විසින් ප්‍රතික්ෂේප කර ඇත.මේ සම්බන්ධව පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සිය නිල ට්විටර් පිටුවේ සටහනක් පල කොට ඇත.

පසුගිය අඟහරුවාදා (25) කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර සුහද හමුවක් පැවැත්විණි.

මෙම හමුවීම සම්බන්ධව අරුණ පුවත්පතෙහි ”13 ගැන ඉන්දියාව අවධානයෙන්” යනුවෙන් පුවතක් පළ කර තිබුණි.13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගනු ලබන තීරණය ගැන ඉන්දීය රජය පූර්ණ අවධානයෙන් පසුවන බවට මෙම පුවතේ තවදුරටත් සඳහන් කොට තිබූණි.

කෙසේ වෙතත්, මෙය ව්‍යාජ ලෙස ගොතනු ලැබූ අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නියෝජිත කණ්ඩායම හා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග වූ එම හමුවීම, අරුණ පුවතේ විකෘති කොට ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version