Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

MCC ගිවිසුම අහෝසි කිරීම පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් නොකරේ ඇයි? – සමගි ජන බලවේගයෙන් දැඩි චෝදනා

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

මැතිවරණ පොරොන්දුවක් ලෙස, MCC ගිවිසුම අහෝසි කරන බවත් ඒ සඳහා තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටි රජයට ජනතාව එම අවස්ථාව ලබාදී ඇත. නමුත් රජය තවමත් තම ස්ථාවරය හෙළි නොකර සිටින බව චෝදනා නැගූ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, රජය MCC ගිවිසුම සම්බන්ධ තම ස්ථාවරය රටටම හෙළි කල යුතු බව අවධාරණය කළේය.

තවද, ප්‍රතිපත්ති ප්‍රකාශන රාජාසන කථාවෙහි දී, ජනපති මෙම ගිවිසුම ඉවත් කිරීම පිළිබඳව ප්‍රකාශ කරනු ඇතැයි අප බලාපොරොත්තු වූ නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු කරුණක්වත් ඉදිරිපත් කළේ නොමැති බව ඔහු පැවසීය.

පසුගිය කාලවලදී එක්සත් ජාතික පක්ෂය MCC ගිවිසුම අත්සන් කිරීමට යන බවත් එලෙස අත්සන් කළහොත් රට තුළ ප්‍රධාන ස්ථානවලට යෑමට පවා ඇමරිකාවෙන් වීසා ලබා ගැනීමට සිදුවන බව වත්මන් ආණ්ඩුව ප්‍රචාරය කරමින් සිටියහ. එමෙන්ම මෙම ගිවිසුම අහෝසි කිරීමට තමන්ට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් ගෙන ගියහ. එලෙසම ජනතාව විසින් තුනෙන් දෙකක බහුතර බලයක් ඔවුනට ලබා දී තිබුණද, මෙතෙක් රජය MCC ගිවිසුම සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය තවමත් රටට පැවසුවේ නැත.

Exit mobile version