Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සජිත්ලා වෙන පක්ෂයක් හොයාගන්න – මනෝ ගනේෂන්

සජිත්ලා වෙන පක්ෂයක් හොයාගන්න – මනෝ ගනේෂන්

සජිත්ලා වෙන පක්ෂයක් හොයාගන්න – මනෝ ගනේෂන්

සමගි ජන බලවේගය යනු දේශපාලන පක්ෂයක් නොවන බවත්, සන්ධානයක් බවත්, එහි සාමාජිකත්වය දැරිය හැක්කේ දේශපාලන පක්ෂවලට පමණක් වන නිසා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නායකයන් ඉක්මනින්ම තමන්ගේ දේශපාලන පක්ෂය කුමක්දැයි තීන්දු කළ යුතු බවත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසයි.

සමගි ජන බලවේගය නම් සන්ධානය නිර්මාණය කරගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, රිෂාද් බදියුදීන් මහතාගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල එකතුවෙන් බව ඔහු පැහැදිලි කළේය.

දැනට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ එජාපයෙන් කැඩී ආ පිරිස සජිත් පිළ ලෙස හැඳින්විය හැකි නමුත්, ඉක්මනින් ඔවුන් තමන්ගේ පක්ෂයක් නිර්මාණය කරගෙන එම පක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයට එකතු විය යුතු බව ඔහු පෙන්වාදුන්නේය.

-උපුටාගැනීම :anidda-

Exit mobile version