Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගම්පොළදී අඩි පහක් පමණ දිග කොටියෙකු මද්දකට බිලිවෙයි

ගම්පොළ දොළුව - කොටියා

ගම්පොළ දොළුව - කොටියා

ගම්පොළ දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අටවා තිබූ මන්දකට අසුව කොටියෙකු ඊයේ (23) මරණයට පත්ව ඇත. වයස අවුරදු හතරක් ක් පමණ වන මෙම කොටියා ගොදුරු සොයා එන අතර මන්දේ පැටලී ඇති අතර ඉන් ගැලවීමට උත්සහ කළ අවස්ථාවේ උදර ප්‍රදේශය සිරවී මරණයට පත්ව තිබේ.
හොඳින් වැඩුණු මෙම කොටියා දිගින් අඩි පහක් පමණ වෙයි.කොටියා මන්දට අසුව සිටිනු දැක ප්‍රදේශවාසීන් ඊයේ (23) පෙරවරු 8.00 ට පමණ වනජීවි දෙපාර්තුමේන්තුවට දැනුම් දී තිබේ.එම නිලධාරීන් පැමිණෙන විටත් කොටියා මියගොස් සිටි බව ප්‍රදේශවාසීහූ පවසති.
මෙම වසර තුළ උඩරට වතුකරය තුළ කළු කොටියෙකු ඇතුළු කොටි හත් දෙනෙකු මරණයට පත්ව තිබේ.වනජීවි දෙපාර්තුමේන්තු වාර්තා වලට අනුව ගම්පොළ,නාවලපිටිය හා නල්ලතන්නිය වනජීවි කාර්යාල බල ප්‍රදේශය තුළ මරණයට පත්ව තිබෙන කොටි සංඛ්‍යාව 40 කට ආසන්නය.

Exit mobile version