Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක්, මේ රට එතුමාට ණයයි – මැදගොඩ හිමි

මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක්. මේ රට එතුමාට ණයයි - මැදගොඩ හිමි

මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක්. මේ රට එතුමාට ණයයි - මැදගොඩ හිමි

මහින්ද රාජපක්ෂ යනු මේ රටට සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් බවත් පරම්පරා ගණනක් තිස්සේ දිවයින පුරා ස්මාරක ඉදිකළත් මේ රටේ ජනතාවට එතුමා කළ සේවය සම්බන්ධයෙන් ඇති ණය ගෙවා අවසන් කළ නොහැකි බවත් මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

“ඔබතුමා බැරිවෙලාවත් එදා මැදමුලනෙ නතර වුණා නම් මේ ගිය ගමන මේ රට ආයෙ නතර කරන්න බැරිවෙනවා. දවසක් මම කැළණියෙ ඉන්නවා මේ මිරිසවැටියෙ හාමුදුරුවො එක්ක. එතකොට ඔබතුමා මෙහෙම නිකම් සිංහයෙක් වගේ එනවා. එනකොට අපෙ මිරිසවැටියෙ හාමුදුරුවො කියනවා අන්න සිංහයෙක් එනවා, බලන්නකො අපෙ හාමුදුරුවනේ කියලා. මං කිව්වා සිංහයෙක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ කියන්නෙ සංස්කෘතියක්. මහින්ද රාජපක්ෂ කියන්නෙ ශිෂ්ඨාචාරයක්. මහින්ද රාජපක්ෂ කියන්නෙ මේ රටේ මිනිස්සු ස්ටඩි කරන්න ඕනෙ, අනාගතය විසින් කියවාගත යුතු චරිතයක්.

එනිසා එතුමා මේ රටට දායාද කරපු දේවල්වලින් – අපේ නායක හාමුදුරුවො ඡන්දෙ ගැන මහලොකුවට කතා කරා. නායක හාමුදුරුවන්ගෙ ඡන්දෙ … (උපහාසාත්මකව හිනැහෙයි) නායක හාමුදුරුවනේ, ඔබවහන්සෙගෙ ඡන්දය වටිනවා. ඒ වුණාට එතුමන් මේ රටට ලබාදීලා තියෙන ඒවා අපට පරම්පරා ගාණක් එතුමාගේ නම කිය කියා හිටියත් පරම්පරා ගාණක් අපෙ මිනිස්සු එකතුවෙලා හැමතැනම එතුමා වෙනුවෙන් ස්මාරක බැඳෙව්වත් එතුමා මේ රටට කරපු දේට අපට ණය ගෙවන්න බෑ කියලා අපි විශ්වාස කරනවා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක් අමතමිනි.

-video:healinenews.lk-

Exit mobile version