Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Video : බෙංගමුවේ නාලක හිමිගේ ‘ගංජා ඉල්ලීම’ පලදරයි: ඇමැති සිසිර ජයකොඩි වැඩට බසී

බෙංගමුවේ නාලක හිමි - සිසිර ජයකොඩි

බෙංගමුවේ නාලක හිමි - සිසිර ජයකොඩි

ගංජා බෝග වගාව සඳහා ශ්‍රී ලංකාව වඩාත් සුදුසු රටක් බැවින්, එය බලපත්‍රයක් සමඟ කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බෙංගමුවේ නාලක හිමියන් පවසා තිබුණි.

දේශීය වෛද්‍ය ප්‍රවර්ධනය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මරදාන අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් නාලක හිමියන් මෙසේ පැවසීය.

“ගංජා යනු ඖෂධයකි. එය වගා කිරීම අපේ රටට ඉතා හොඳ ය. අපේ රටේ ගංජා මිල උසස් තත්ත්වයක පවතී.

නීති විරෝධී ලෙස වගා කළ ගංජා අක්කර දහයක් පහළොවක් පොලීසිය විසින් අත්පත් කර ගෙන පුළුස්සා දමනු ලැබේ. මෙය ලොකු වරදකි. අපේ රටේ මෙවැනි මෝඩ වැඩ සිදු කරයි. ඒවා රාජසන්තක කර ආයුර්වේද දෙපාර්තමේන්තුවට යැවීම සුදුසු ය. ගංජා වගා කිරීම ලියාපදිංචි කර, බලපත්‍රයක් ලබා දීමේ වැඩසටහනක් සකස් කිරීම වටිනා බවද බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේය”.

 

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රකාශය

බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

“අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ අදහස් හා විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට අරගෙන උන්වහන්සේලා යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපනය කිරීම තමයි අවශ්‍ය වෙන්නෙ.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) රාජ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Exit mobile version