Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්දට බේරෙන්න බැහැ ! – සම්බන්දන් අනතුරු අගවයි

මහින්ද රාජපක්ෂ - සම්බන්දන් | mahinda rajapakse and sambanthan

මහින්ද රාජපක්ෂ - සම්බන්දන් | mahinda rajapakse and sambanthan

තුනෙන් දෙකක බහුතර බලයකින් ආණ්ඩුව පිහිටවූ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය, ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවලට අනිවාර්යෙන්ම විසදුම් ලබාදිය යුතු බවත්, දැන් නිදහසට කරුණු නොකියා ස්ථිර විසඳුමක් රජය ලබා දිය යුතු බවත් එයින් රජයට බේරුමක් නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් පවසා ඇත.

තවදුරටත් කරුණු දැක්වූ ඔහු,

උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඡන්ද සැලසුම් කර බෙදා වෙන්කර දෙමළ ජාතික සන්ධානයේ ආසන ගණන අඩු කරන්න කටයුතු කර ඇත. නමුත් අප එයින් සැලෙන්නේ නෑ. අපිට අහිමි වු ආසන නැවත කෙසේ හෝ ලබා ගන්නෙමු.

ජාත්‍යන්තර ප්‍රජාව, නැවත පත්වී ඇති මෙම ආණ්ඩුව දෙස හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවත් යහපාලන රජය සිදුකළ නව ව්‍යවස්ථා සඳහා වූ ක්‍රියාවන් අතරමග නැවතී ඇති බවත්, මෙම රජය විසින් එය නැවත ආරම්භ කල යුතු බවත් පැවසූ ඔහු දෙමළ ජනයා සඳහා වන ස්ථිරසාර විසදුමක් ලබා දෙන අයුරින් නව ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
-තමිළ්වින්

Exit mobile version