Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මට දුන්න ඇමතිකම ගැන කලකිරීමක් තියෙනවා – අලිවැට, වනජීවී රැකවරණය අමාත්‍ය විමලවීර දිසානායක

විමලවීර දිසානායක - Wimalaweera Dissanayake

විමලවීර දිසානායක - Wimalaweera Dissanayake

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක

එදා සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට අද වෙච්ච දේ හෙට පොහොට්ටුවට වෙන්න බැරි නැති බවත් තමන්ට දුන් අමාත්‍ය ධුරය පිළිබඳව කලකිරීමක් තිබෙන නමුත් ඒ ගැන වැඩපුර කතා නොකරන බවත් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නව අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.

“මට ලැබුණු අමාත්‍ය ධුරය පිළිබඳ ගැටලු නැතුව නොවෙයි. ඒත් ඒ ගැන කතා නොකර සිටිමු. කැබිනට් ඇමතිවරුන් එක්ක සන්ඩු සරුවල් වෙන්න වෙයි. එතකොට වැඩකරන්න බැරිවෙනවා. කලකිරීමක් තියෙනවා. සහෝදර ඇමතිවරු මට කිව්වා අයියා උඹ කළබල වෙන්න එපා අපි උදව් කරන්නම් වැඩදරගෙන යමු කියලා.

සෑම ජයග්‍රහණවක් එක්කම පරාජයක් තියෙනවා. ඒ නිසා ඉවසීමෙන්, පරිස්සමින්, කල්පනාවෙන් කටයුතු කරමු. එදා සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ හෙට පොහොට්ටුවට වෙන්න බැරි නැහැ.

වනජීවීන් ආරක්ෂා කරන්නත් ඕන මිනිස්සු ආරක්ෂා කරන්නත් ඕනා. ජනාධිපතිතුමා අලි මිනිස් ගැටලුවට කාර්ය සාධන බළකායකුත් පිහිටෙව්වා. විසඳුම් නොදුන්නොත් රට ඉදිරියට යන්නේ නැහැ.

රැකියා හොයාගෙන එහෙම හෙට අනිද්දට එන්න එපා..” යැයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
-lankatruth-

Exit mobile version