Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රාලය සහ UAE ඓතිහාසික ගිවිසුමකට එළැඹෙයි

ඊශ්‍රාලය සහ UAE

ඊශ්‍රාලය සහ UAE

රාජතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීම සඳහා ඊශ්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එලැඹ තිබේ.දෙපාර්ශවය මෙම ගිවිසුමට එලැඹ තිබෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රා‍යල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සායි කියා සිටියේ මෙම ඓතිහාසික ජයග්‍රහණය මැදපෙරදිග කලාපයේ සාමය වර්ධනයට හේතු වනු ඇති බවයි.

මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ විශාල භූමි ප්‍රදේහයක් සිය රටට ඇතුළත් කර ගැනිමේ සැලැස්ම අත්හිටුවීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇති.

මේ දක්වාම ඊශ්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් අතර කිසිදු රාජත්‍රාන්ත්‍රික සබඳතාවක් නොමැත.

මෙය ඊශ්‍රායලය අරාබි රටක් සමග අත්සන් කළ තුන්වැනි ගිවිසුමයි.1979 වසරේ ඊජිප්තුව සමගත් , 1994 වසරේ ජෝර්දානය සමගත් ඊශ්‍රායලය සාම ගිවිසුම්වලට අත්සන් තැබීය.

(News1st)

Exit mobile version