Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මගේ දෙවන ඉනිම ආරම්භ වුනා ! – ඥානසාර හිමි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

එහිදී එම වහන්සේ තවදුරටත් ප්‍රකාශකර සිටියේ,

අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් වෙලා. මෙම ගැටලුවේ ස්වභාවය ජනතාවට පැහැදිලි කිරීම සඳහා නොයෙකුත් පක්ෂ මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. සිංහල බුද්ධාගමේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු පවතින විට එය විසඳීමට අපට යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ කිසිවක් ගණන් නොගෙන සමහර පක්ෂ ජාතික ලැයිස්තු ප්‍රශ්නය විශාල අර්බුදයක් බවට පත් කර තිබෙන බව පවසා සිටියහ.

මෙම ජාතික ලැයිස්තුවේ අපට අවශ්‍ය එකම දෙය නම් ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට අදාළ නීති හා රෙගුලාසි බලාත්මක කළ හැකි අපගේ නියෝජනය සැපයීමයි. මෙම සාමාජිකත්වය අහිමි වුනත් තමන් හෙට සිට තමාගේ වැඩසටහන ඉදිරියට ගෙන යන බව තවදුරටත් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට උසාවියට නොයන බවත් ජනතා අධිකරණය ඉදිරියට ගොස් ඔවුන්ට සත්‍ය පවසන බවත් පැවසූ ඥානසාර හිමි තමන් මේ අවස්ථාවේදී දෙවන ඉනිම ආරම්භ කරන බව පවසා සිටියහ.

Exit mobile version