Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ ජනයාගේ ලේවල මිශ්‍රවී ඇති ඊයම් – පර්යේෂණ මගින් හෙළිවේ

ලංකාවේ ජනයාගේ ලේවල මිශ්‍රවී ඇති ඊයම්

ලංකාවේ ජනයාගේ ලේවල මිශ්‍රවී ඇති ඊයම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනයාගේ රුධිරයේ ඊයම් මිශ්‍රවී ඇති බව පර්යේෂණ මගින් තහවුරු කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක අංශ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

එම ජනයාගේ රුධිරයේ ඩෙසි ලීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 3ත් 9ත් අතරේ ප්‍රමාණයක ඊයම් මිශ්‍රව පවතින බව පරීක්ෂණ මගින් සොයාගෙන ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මෙම පෙදෙස්වල ජීවත්වන්නන් හට ස්නායු ආබාධ, වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීම්, අධික රුධිර පීඩනය වැනි රෝග ඇති වන බව මෙමගින් සොයා ගෙන ඇතැයි වෛද්‍යවරයා පෙන්වාදී ඇත.

ඊයම් රුධිරයෙහි පවතින විට දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාල වන බව තහවුරු වී ඇත. ආහාරවල සහ පානය කරන ජලයේ ඊයම් පවතින බැවින් රුධිරයට ඒවා මිශ්‍ර වන බව පෙන්වා දී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පෙදෙස් කිහිපයක තෝරාගත් කිහිප දෙනෙකු ආශ්‍රයෙන් සිදු කළ පරීක්ෂණයකින් මෙය හෙළිවී ඇත.

-තමිළ්වින්

Exit mobile version