Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස් ශ්‍රමික මුදල් නැතිව ලංකාව අමාරුවේ, කොවිඞ්-19 යට පෙර සිට ආර්ථික අනතුරේ : මූඩීස්

Moody's හි ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහළට

Moody's හි ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහළට

ගෝලීය වශයෙන් විදේශගත ශ්‍රමිකයන් තම රටවලට යවන මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 110ක දැවැන්ත කඩාවැටීමකට 2020 දී මුහුණදෙනු ඇති බවත්, එහි බලපෑම විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම් මත යැපෙන රටවල ආර්ථිකය අඩපණ වීමට බලපානු ඇති බවත් මූඩීස් ශ්‍රේණිගත කිරීම් ආයතනය වාර්තාවක සඳහන් කර තිබේ.

විදේශගත ශ්‍රමිකයන් නිසා හුවමාරු වූ ආදායම් 2019 වසරේදී ගෝලීය මට්ටමෙන් වාර්තාගත ඉහළම අගයක් වන ඇමෙරිකන් ඩොලර් බිලියන 554ක් දක්වා ඉහළ ගිය නමුත් මේ වසරේදී දැවැන්තම කඩාවැටීමට ලක්වනු ඇතැයි එම ආයතනය පෙන්වාදී තිබේ. 2009 ආර්ථික අවපාතය නිසා සිදුවූ ඇමෙරිකන් ඩොලර් 16.2ක කඩාවැටීම මෙන් කිහිපගුණයක කඩාවැටීමක් 2020 දී සිදුවිය හැකි බව ඒ අනුව එම ආයතනය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව 2019 දී විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 6.7ක් වන අතර 2018 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 7ක් ලබා තිබුණි.

එම සමාගමේ බාහිර අනතුරුදායක තත්ව දර්ශකය හෙවත් ඊවීඅයි දර්ශකය අනුව ශ්‍රී ලංකාව කොවිඞ්-19 වසංගතයට පෙර සිට සියයට 201ක අනතුරුදායක තත්වයකට මුහුණදී තිබුණු බවත්, විදෙස් ආදායම් අහිමි වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය තවත් අනතුරුදායක විය හැකි බවත් එම ආයතනය පෙන්වාදී තිබේ.

එම ආයතනය පෙන්වාදී ඇත්තේ ලෝකයේ විදේශ ශ්‍රමිකයන් හරහා මුදල් වෙනත් රටවල්වලට යවන ආදායමෙන් සීයට 85කට හිමිකම් කියන කරන රටවල් 25ක් කොව්ඞ්-19 වසංගතය නිසා දුර්වල වී ඇති බවය. මූඩීස් ආයතනය ආයෝජනය කිරීමේදී හා ණය ලබාදීමේදී ජාත්‍යන්තර ආයතන හා රාජ්‍යයන් විසින් සලකා බලනු ලබන ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි.■

-අනිද්දා සඳහා අනුරංග ජයසිංහ

Exit mobile version